FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මුරලි ඇතුළු 12 දෙනෙකුගෙන් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.   

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත්කරණය කිරිම, එහි ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මගින් ඉල්ලා ඇති මූලික කරුණු වේ.

පෙත්සමට අදාළව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ විධායක කමිටුවට මාර්තු 15 වැනිදා අභියාචානාධිකරණයේ පෙනී සිටින්නැයි අද නොතීසි නිකුත් කරනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලනු ලැබුවේය.

මුත්තයියා මුරලිදරන්ට අමතරව හිටපු ක්‍රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි, 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලිම සඳහා මුලික අඩිතාලම සැකසු මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, විජය මලලසේකර ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.