FAST NEWS

24×7 Around the Globe

Critics Choice Super සම්මාන උළෙලේ වැඩිම සම්මාන සෝල් ත්‍රිමාණ චිත්‍රපටයට

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – පළමු වතාවට පැවැති Critics Choice Super සම්මන උළලේ වැඩි සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට ‘සෝල්’ ත්‍රිමාණ චිත්‍රපටය සමත්ව ඇත.   

ඔවුන් විසින් දිනාගත් සම්මාන ප්‍රමාණය තුනක් බව සඳහන් වෙයි.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් නිර්දේශ වී තිබූ සම්මාන ඔවුන් විසින්ම දිනා ගැනීමට සමත් වීමයි.

මෙම සම්මාන උළලේදී වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වි තිබුණේ ‘පලම් ස්පේයාරින්’ චිත්‍රපටයයි. එය සම්මාන හයක් සඳහා නිර්දේශ වී සිටි අතර, ඔවුන්ට ඉන් දිනා ගැනීමට හැකි වුයේ සම්මාන ත්‍රිත්වයක් පමණි.