FAST NEWS

24×7 Around the Globe

ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

මේ පිළිබඳව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ඉඟියක් පළකර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේ සමුගැනීමට කාලය බවයි.

37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25 කට, එක්දින තරඟ 24 කට සහ එක් 20-20 ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර ඇත.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කළේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී යි.

 

Image