FAST NEWS

24×7 Around the Globe

ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට තිත තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.   

සිය පවුලේ සාමාජිකයන් සමග අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කිරීමට යාමට තීරණය කිරීම හේතුවෙන් ශෙහාන් ජයසූරිය මෙම තීරණය ගෙන ඇත.