FAST NEWS

24×7 Around the Globe

අකිල ධනංජයට යළි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ICC ය විසින් ඉවත් කර තිබේ.

ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූණි.

ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවය.