FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් ආසාදිතයින් නැහැ[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) –  මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සාමාජිකයන් 44 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන පරීක්ෂණ සඳහා යොමු කෙරේ.

එම සියලු දෙනාගේ පරීක්ෂණ වාර්තා කොවිඩ් ආසාදිත නොවන බවට ලැබී ඇති බව වාර්තා වේ.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

පළමු තරගය ජනවාරි 14 වනදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.