ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාව හරහා ජනප්‍රියත්වයට පත්වූ පෝල් වෝකර් ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කරන ලද වැඩිම අදායමක් උපයන මියගිය තරු අතරට එක්වී ඇති බව වාර්තා වේ.
වසර 2013දී සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වූ වෝකර් පසුගිය වසරේ උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5 ක් වන අතර ඔහු එම ලැයිස්තුවේ නව වැනි ස්ථානයේ පසු වෙයි.
තෙවනි වරටත් පළමු ස්ථානය හිමිකරගත් මයිකල් ජැක්සන් උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 115කි.
දෙවන ස්ථානයේ පසුවන එල්විස් ප්‍රෙස්ලිගේ අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් වන අතර තෙවන ස්ථානය හිමිකරගත් කාටූන් ශිල්පී චාල්ස් ෂුල්ට්ස් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් උපයා තිබේ.








