ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ඔස්ටේ‍්‍රලියාව සමත් වී තිබේ.
ඒ, ආර්ජන්ටිනාව සමග පැවති අවසන් පූර්ව තරගය ලකුණු 29 ට 15 ක් ලෙස ජය ගනිමින්.
මේ අනුව ඔස්ට්‍රේලියාව සහ වත්මන් ලෝක ශූර නවසීලන්ත කණ්ඩායම අතර අවසන් තරගය පැවැත්වෙනු ඇති.
එංගලන්තයේ ලන්ඩන් නුවර ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණු අතර එය නැරඹීමට කී‍්‍රඩාංගණයට පැමිණ සිටි පේ‍්‍රක්‍ෂකයන් සංඛ්‍යාව අසූ දහසකට අධිකය.
තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේ, දෙවන මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සාර්ථක කරගත් ඔස්ට්‍රේලියාවේ රොබ් සිමන්ස් ය.
ඈෂ්ලි කූපර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කරගත්තේ ය.
එය අර්ධය අවසන් වුණේ, ලකුණු 19ට 9ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටීමෙනි.
දෙවැනි අර්ධයේදී ආර්ජන්ටිනාව ලකුණු 6ක් රැස් කළේ ය.
එම අර්ධයේදී කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඈෂ්ලි කූපර් සිය තුන්වන උත්සාහක දිනුම ද සාර්ථක කර ගත්තේ ය.
දෙවන අර්ධයේදී තවත් ලකුණු10ක් සිය ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළ ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ ලකුණු 29ට 15ක් ලෙස ය.
1991 සහ 1999 වසරවලදී රග්බි ලෝක කිරුළ දිනූ ඔස්ට්‍රේලියාව 2003 වසරෙන් අනතුරුව ලෝක කුසලාන අවසන් තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය වෙයි.
තරගාවලියේ අවසන් තරගය ලබන සෙනසුරාදා ලන්ඩන්හි ට්වීකන්හැම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලාන රග්බි තරගාවලිය 1987 වසරේදී ආරම්භ විය.
මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 8 වන වරටයි.
මේ දක්වා පැවති තරගාවලීන්හිදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අවස්ථා දෙකකදී ශූරතාව දිනාගෙන ඇත.
තවත් අවස්ථාවක ඔවුන් අනු ශූරයන් වූ අතර ඒ අනුව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි 4 වන අවස්ථාව මෙයයි.







