FAST NEWS

24×7 Around the Globe

රොබින් උත්තප්පා ප්‍රසිද්ධියේම ICC නීති කඩයි

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) –  ඩුබායි අන්තර්ජාතික ක්‍රීකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ (01) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරඟයේදී රාජස්ථාන් රෝයල්ස් පිළේ ක්‍රීඩක රොබින් උත්තප්පා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පණවා ඇති නීතියක් උල්ලංඝණය කර ඇත.  

කොල්කටා පිළේ ආරම්භක පිතිකරු වන සුනිල් නාරායන් ලබාදුන් උඩ පන්දුවක් රොබින් උත්තප්පා අතින් ගිලිහෙන අතර පසුව පන්දුව අතට ගන්නා ඔහු ඛේටය භාවිත කර එය පිරිමැද පන්දු යවන්නා වෙත යොමු කර තිබුණි.

පන්දුව ඔප දැමීම සදහා ඛේටය භාවිත නොකළ යුතුය යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නීතියක් පනවනු ලැබුවේ කොරෝනා අවධානම හේතුවෙනුයි.

ICC ය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි සමාජ මාධ්‍ය පරිශිලකයන් රැසක් විමසීමට ලක්කර ඇත.