FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

(ෆාස්ට් නිව්ස් | නවසීලන්තය) – පාකිස්තාන, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් ඉදිරි මාස කිහිපය තුළදී නවසීලන්තයේ සංචාරය කරන බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.   

කොරෝනා වසංගතයෙන් පසු නවසීලන්තය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ලබන නොවැම්බරයේ ආරම්භ වන්නේ කොදෙව් පිළේ සංචාරයෙන්.

නවසිලන්තය සහ කොදෙව් පිළ එහිදී විස්සයි- 20 ජාත්‍යන්තර තරඟ 3 කට සහ ටෙස්ට් තරඟ දෙකකට සහභාගි වීමට නියමිතයි.

ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් පිළ නවසීලන්තයට පැමිණෙන අතර එහිදී ඔවුන් විස්සයි විස්ස තරඟ 3 කට සහ ටෙස්ට් තරඟ දෙකකට සහභාගි වනු ඇති.

ඉන් අනතුරුව විස්සයි විස්ස තරඟ 05 ක සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තයට පැමිණෙන අතර, බංග්ලාදේශ පිළ එහි පැමිණීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මාසයේදියි.