FAST NEWS

24×7 Around the Globe

25 දෙනෙකුට දිවි අහිමි කළ යුක්රේන ගුවන් අනතුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුක්රේනයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මිය ගිය බහුතරයක් ගුවන් හමුදා කැඩෙට් පුහුණුව ලබමින් සිටි අය බවයි.

ඇන්ටනොව් 26 වර්ගයේ යානයක් වන එය ගොඩබැස්වීමේදී කඩා වැටීමකට ලක්ව ඇත.

ඒ වනවිට එහි 27 දෙනෙකු ගමන් කර ඇති අතර දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

යුක්රේන වාර්තාවල දැක්වෙන්නේ අනෙක් සියළු දෙනා මියගොස් ඇති බවයි.

අනතුරට හේතුව මේ දක්වා සොයාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.