FAST NEWS

24×7 Around the Globe

IPL පළමු තරගයෙන් චෙන්නායි කණ්ඩායමට කඩුලු 05 ක ජයක්

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) – 2020 IPL ආරම්භක තරගයෙන් වත්මන් ශූරයන් වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කිරීමට වත්මන් අනුශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.  

අබුඩාබි නුවර පැවති තරගයේ මුලින් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 162 ක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල චෙන්නායි කණ්ඩායම පන්දු 04 ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 05 ක් දැවී ළකුණු 166 ක් ලබා ජයග්‍රහණය අත්පත් කරගත්හ.