FAST NEWS

24×7 Around the Globe

ළඟදීම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් බැලීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංගලදේශ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළ සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී  ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ආරක්ෂක අංශය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ  සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වාගේ නායකත්වයෙන් එහි නිලධාරීන් සහ ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරී,  කොවිඩ් -19 හි ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ෂවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම මාසය අවසානයේදී ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි තරග 03 කින් සමන්විත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දැඩි කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ඉඩ සලසා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැනුම් දීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කාර්ය සාධක බලකාය සමඟ (16)දා සාකච්ඡා කර තිබේ.

මේ අනුව නැවත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ඉඩ සැලසීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට නියමිතය.

දින 14 නිරෝධායනය ඇතුළු විවිධ සාධක මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇති කොන්දේසි පිළිගෙන මෙරටට පැමිණීම බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත කණ්ඩායම ශවේන්ද්‍ර සිල්වා හමුවී සෞඛ්‍යය හා ආරෂිත ක්‍රමවේද සම්බන්ධ කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යහපත් පිළිතුරක් ලබා දෙන බවට ඔවුන්ට පොරොන්දු වී ඇති බව වාර්තාවේ.