(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුසල් මෙන්ඩිස්ගේ රියට යටවී මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ඉතිරි මුදල තවම ගෙවා නොමැති බව අධිකරණයට දැනුම් දෙයි.
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්රාත් ජයන්ති පීරිස් අද නියෝග කර තිබේ.
එම මුදල බැංකුගත කළ බව ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසයි මීට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්රාත්වරිය සැකකරුට නියෝග කළේය.
පානදුර උතුර – හොරේතුඩුව ප්රදේශයේ පරණ ගාලුපාරේ දී පසුගිය ජූලි 3 වනදා කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ජීවිතක්ෂයට පත්වූයේ 64 හැවිරිදි සිව්දරු පියෙකි.
පැමිණිලි පාර්ශවයට රුපියල් ලක්ෂ 10ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබූ අතර, රුපියල් ලක්ෂ 2 ක් පැමිණිලි පාර්ශවයට ලබාදීමට කුසල් මෙන්ඩිස් කටයුතු කර තිබුණි.








