FAST NEWS

24×7 Around the Globe

සල්මාන් ඛාන්ගෙන් ඉන්දීය පවුල් 70 කට නිවාස

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – බොලිවුඩයේ සිනමා නළු සල්මාන් ඛාන් විසින් මහාරාෂ්ට් ප්‍රාන්තයේ කිදාපූර් ගම්මානයේ ජීවත්වන ඉන්දීය පවුල් 70 කට නිවාස ඉදිරි කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙන බව බොලිවුඩයෙන් වාර්තා වෙයි. 

මීට පෙර දිනයකදි ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසාවෙන් කැඩි ගිය කිදාපූර් ගම්මානයේ පැරණි නිවාස වෙනුවට සල්මාන් ඛාන් විසින් ඔවුන්ට අලුත් නිවාස 70 ක් ලබාදීමට මේ වනවිට කටයුතු කර තිබේ.

සල්මාන් මේ වසරේ සිය රසික පිරිස් මුණ ගැසිමට සූදානම්ව සිටියේ ‘රාධේ’ චිත්‍රපටය තුළින් වුවද එය ‘කොරෝනා’ රෝගය නිසාවෙන් ප්‍රදර්ශනය කිරිමට නොහැකි වි තිබේ.