FAST NEWS

24×7 Around the Globe

නව ක්‍රීඩා පනතක් ගෙන ඒමේ සුදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ක්‍රීඩා පනතක් හදුන්වාදීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ,කේෂ්ත්‍රයේ විශේෂ දැනුම ඇති පුද්ගලයන්ගේ අදහස් ලබා ගැනීම වඩා වැදගත් වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන් හමුවේ අදහස් දක්වමිනි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවේ කාර්යක්ෂමතාව,සාධාරණත්වය මෙන්ම ප්‍රගතිය ද වර්ධනය කිරීම සඳහා,සෑම ක්‍රීඩා සංගමයකම, හා මහජනතාවගේ ද අදහස් හා සහභාගීත්වය ලබාගැනීම අතිශය වැදගත් වන බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.