FAST NEWS

24×7 Around the Globe

ෂහීඩ් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රමුඛ විදෙස් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිව එකතු කරගැනීමට කටයුතු කර ඇත.   

එම කණ්ඩායමේ හිමිකරු වන නදීම් ඕමාර් සඳහන් කළේ මොයින් ඛාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන බවයි.

කල්දැමුණු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මේ අනුව කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය කේන්ද්‍ර කර ගනිමින් කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් දඹුල්ල, සූරියවැව මහින්ද රාජපක්ෂ සහ පල්ලේකැළේ යන ක්‍රීඩාංගණ තුනේදී පමණක් LPL තරගාවලියේ තරග ක්‍රියාත්මකවනු ඇති.