FAST NEWS

24×7 Around the Globe

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොරෝනා වැළදී මරුට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන ඔහු මිය යනවිට 73 වන වියේ පසුවිය.

මොහු වකුගඩු ආබාධයකින්ද පෙළුනු බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් සමඟ ආරම්භක පිතිකරුවෙකු ලෙස කළක් කටයුතු කර ඇති ඔහු ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර ඇති බවද ක්‍රීඩා වාර්තා වල දැක්වේ.