මෙරට ඉහළ දේශපාලන පවුලක සාමාජිකයින්ට අයත් බව කියන ඩුබායි බැංකු ගිණුම් 8ක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බාධා මතුව ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල තොරතුරු මාධ්‍යයට නිකුත් වීම ඊට එක් හේතුවක් වී ඇති බවයි.
කෙසේ වෙතත් එම බැංකු ගිණුම් 8 සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අතරින් එක් ගිණුමක ඩොලර් කෝටි 109 ක් ද,තවත් ගිණුම් දෙකක ඩොලර් කෝටි 180 ක් සහ ඩොලර් කෝටි 50 බැගින් ද තිබෙන බව අනාවරණය වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පරික්ෂණවලින් අනතුරුව එම සියලුම මුදල් ආණ්ඩුවට ලබාගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
–








