FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පවුලක ගිණුම් අටෙන් තුනක් ගැන රාජිත හෙළිකරයි.

මෙරට ඉහළ දේශපාලන පවුලක සාමාජිකයින්ට අයත් බව කියන ඩුබායි බැංකු ගිණුම් 8ක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බාධා මතුව ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල තොරතුරු මාධ්‍යයට නිකුත් වීම ඊට එක් හේතුවක් වී ඇති බවයි.

කෙසේ වෙතත් එම බැංකු ගිණුම් 8 සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අතරින් එක් ගිණුමක ඩොලර් කෝටි 109 ක් ද,තවත් ගිණුම් දෙකක ඩොලර් කෝටි 180 ක් සහ ඩොලර් කෝටි 50 බැගින් ද තිබෙන බව අනාවරණය වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පරික්ෂණවලින් අනතුරුව එම සියලුම මුදල් ආණ්ඩුවට ලබාගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.