FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන මධ්‍යස්ථානවල පිරිසට මෙවර ඡන්ද අවස්ථාව නොලැබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිස්වලට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව නොලැබෙන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පිරිස්වලට සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව මහින්ද දේශප්‍රිය පැවසීය.

තවද රාජාංගනය සහ ලංකාපුර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල ඡන්ද විමසීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලංකාපුර ප්‍රදේශයට ඡන්දය විමසීමේ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.