FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළඳුණු මෂ්රාෆි මෝටාසා සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසයට ගොඳුරු වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රාෆි මෝටාසා සුවය ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

මෂ්රාෆි සුවය ලබද්දී ඔහුගේ බිරිඳ වන සුමෝනා හක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෂ්රාෆි මෝටාසා අවාමි ලීගය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුද ලෙස ද කටයුතු කර තිබේ.

බංග්ලාදේශ ක්‍රීඩකයන් වන නෆීස් ඉක්බාල් සහ නස්මුල් ඉස්ලාම්ද මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.