FAST NEWS

24×7 Around the Globe

දින නියමයකින් තොරව අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 14 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

තරඟාවලි ව්‍යූහය තුළ සිදුකළ ඇතැම් සංශෝධන පිළිබඳ අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුවීම ඊට හේතුව වී ඇත.