FAST NEWS

24×7 Around the Globe

සනි ලියෝන් ඉන්දියාව අතහැර එංගලන්තයට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය සිනමා නිළි සනි ලියොන් එරට දිනෙන් දින ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සිය සැමියා හා දරුවන් තිදෙනා සමගින් එංගලන්තයට ගොස් සිටින පුවතක් වාර්තා වෙයි.  

කොරෝනා වෛයිරසය හේතුවෙන් ඉන්දියාවේ බොහෝ නගර මේ වන විට අනාරක්ෂිතව පවතියි.

සනි ලියෝන් මේ වනවිට ලන්ඩනයේ පිහිටි ගොවිපොළක නතර වී සිටින අතර, ඇය හා ඇගේ සැමියා වූ ඩැනියෙල් වෙබර් සමගින් ගොවිපොළේ සිටින ඡායාරූපයක් සිය‘ඉන්ටර්ග්‍රෑම්ස්’ගිණුම් හරහා ප්‍රසිද්ධ කර තිබේ.

මෙසේ ප්‍රසිද්ධ කර ඇති ඡායාරූපයට සටහනක්ද එක්කොට ඇති සනි අපි ආරක්ෂිතව සිටින බවට සිය රසික පිරිස් දැනුම්වත් කිරීමට ද අමතක කර නොමැත.

ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 744,330 ක් වාර්තා වන අතර , මරණයට පත්වූවන් 20,671 ක් ලෙස වාර්තා වෙයි.