FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක්ට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | පකිස්ථාන) – පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු කොරෝනා වෛරසයට ගොඳුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.  

මෙලෙස වෛසරයට ගොඳුරු වී ඇත්තේ හයිඩර් අලි , ෂදාබ් ඛාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයන් තිදෙනායි.

එළඹෙන පකිස්ථාන කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක් සඳහා පිටත්ව යාමට සතියක් ඉතිරිව තිබියදීයි මෙම ක්‍රීඩකයන් හට වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇත.

ඒ අනුව පුහුණුවිම්වල යෙදී සිටි අනෙකුත් ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකරවීමටද පියවර ගෙන තිබෙනවා.