(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශයක් කර තිබේ.
ඔහු පවසන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශය පදනම් විරහිත බවයි.
එහි සාක්ෂි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
මෙය මැතිවරණය ආසන්නවීමත් සමඟ දැකගත හැකි සර්කස් සංදර්ශනයක් බව එහි සඳහන් වෙයි.
Is the elections around the corner ????Looks like the circus has started ???? names and evidence? #SLpolitics #ICC https://t.co/bA4FxdqXhu
— Mahela Jayawardena (@MahelaJay) June 18, 2020








