FAST NEWS

24×7 Around the Globe

වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයට නව සභාපතිවරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට අනුබද්ධිත වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස සී.රත්නමුදලි මහතා තේරී පත්වී ඇත.  එම සංගමයේ නිලවරණය පසුගියදා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස් නාලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස චාල්ස් තිලකරත්න සහ භාණ්ඩාගාරික ලෙස නලින් සම්පත් අබේසිංහ මහත්වරු තේරී පත් වූහ.

මෙහිදී පත් වූ නව නිලධාරි මණ්ඩලය , 

සභාපති – සී. රත්නමුදලි, ප්‍රධාන ලේකම් – චාල්ස් තිලකරත්න, භාණ්ඩාගාරික – නලින් සම්පත් අබේසිංහ, උප සභාපතිවරු – ආනන්ද වන්නිතිලක, චන්න ජයසේකර, කුමාර වැන්ඩකෝන්, ලලිත් ප්‍රේමලාල්, උප ලේකම් – චමිලා නදී හේරත්, උප භාණ්ඩාගාරික – සමන්සිරි සෙනවිරත්න, ප්‍රධාන සංවිධායක – ජානක ඉන්ද්‍රජිත්, විධායක කමිටු සාමාජිකයෝ – සුසිරි මංගල, ක්‍රිශාන්ති ජයවර්ධන, තාරක රත්නවීර, සුමේද විමලවීර, මොරිස් චාමින්ද, මහේෂ් පෙරේරා, චමින්ද ලක්ෂ්මන්, සුනිල් විජේසිංහ, නිශාන් ඉන්දික ප්‍රනාන්දු.