(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කෙරේ.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ එම තරඟාවලිය මේ වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති අර්ලි එඩිග්ස් ප්‍රකාශ කළේය.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ පැවත්වීමට නියමිතව තිබුණේ ඔක්තොම්බර් 18 සිට නොවැම්බර් 15 දක්වාය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.








