FAST NEWS

24×7 Around the Globe

ඔස්කාර් සම්මාන උළෙල කල් දමයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – 2021 වසරේ සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට ඔස්කාර් සංවිධායකයින් තීරණය කර ඇත.   

ලබන පෙබරවාරි මසයේ එය පැවැත්වීමට නියමිතව තිබුණු අතර , කොරෝනා වසංගතය හමුවේ උද්ගත වී ඇති වාතාවරණය හමුවේ එහි සංවිධායකයින් මෙම තීරණය ගෙන තිබේ.

92 වන ඔස්කාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්විය.