FAST NEWS

24×7 Around the Globe

නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍ර ජුනි සිට යළි ආරම්භ කිරිමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, ජුනි මස පළමු (01) වැනිදා සිට අදියර කිහිපයක් ඔස්සේ නැවත ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) ක්‍රීඩා විද්‍යායතනය සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය ඇතුලු උපකරණ කිහිපයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.