FAST NEWS

24×7 Around the Globe

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ලොව පුරා එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.

ගත වූ පැය 24 තුළ පමණක් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6000ක් හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

බ්‍රසීලය, අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉන්දියාව යන රටවල්වලින් ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ වන විට ලොව පුරා කොවිඩ් නයින්ටීන් ‍වෛරස ආසාදිතයින් පනස් ලක්ෂ 82,244 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් විසි ලක්ෂ 20,151 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවිමෙන් ලොව පුරා පුද්ගල මරණ තුන් ලක්ෂ 29,246ක් වාර්තා වී තිබේ.