FAST NEWS

24×7 Around the Globe

ශොයිබ් අක්තාර් ඉන්දියාවේ පුහුණුකරු වීමට කැමැත්තෙන්

(ෆාස්ට් නිව්ස් | පාකිස්ථානය) –  ඉන්දීය පිලේ පන්දු යැවීමේ පුහුණූකරු ධූරය ලැබුණහොත් එය ඉතා සතුටින් භාර ගන්නා බව පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් අක්තාර් අන්තර්ජාල සඟරාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන්කර තිබේ.   

දැනුම හා අත්දැකීම් බෙදා දීම තමාගේ ප්‍රධානම අපේක්ෂාවක් බවත් , නවක පන්දු යවන්නන් තුළ ආක්‍රමණශීලි පන්දු යැවීමේ කුසලතා වර්ධනය කළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

සචින් තෙන්ඩුල්කාර් තමාගේ හොඳ මිත්‍රයෙකු බව ද ශොයිබ් අක්තාර් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.