FAST NEWS

24×7 Around the Globe

ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය කල් දමයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය 2022 වසරේ මැයි මාසය දක්වා කල් තැබීමට ජාත්‍යන්තර පිහිණුම් සම්මේලනය තීරණය කර තිබේ.

ඒ, කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් කල් දමන ලද ඔලිම්පික් උළෙලේ කාලසටහන් සමඟ ගැටීම වැළැක්වීමේ අරමුණෙන්.

මෙම පිහිණුම් තරගාවලිය 2021 වසරේ ජපානයේ ෆුකෝකා නුවර පැවැත්වීමට නියමිතව තිබුණි.