FAST NEWS

24×7 Around the Globe

තාවකාලික වීසා ඇති අයට මව් රටට යන්නැයි ඕස්ට්‍රේලියාව ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් |ඕස්ට්‍රේලියාව ) – තාවකාලික වීසා බලපත්‍රහිමියන් රටින් පිටවීම සඳහා දිරිමත් කරන බව ඔස්ට්‍රේලියාව පවසයි.

ඒ ඉදිරි කාලසීමාව සඳහා තමාට අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සපයාගැනීමට නොහැකි පිරිස සදහා පමණි.

ඒ අනුව තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන්ට තම මව්රටවල් බලා යන ලෙස එරට රජය ඉල්ලීමක් කරයි.

පවතින කොරෝනා වංසගතයත් සමඟ ලෝකයට සිදුවූ බලපෑම හා රැකියා වියුක්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.