FAST NEWS

24×7 Around the Globe

නායක චරිත්ගෙන් පාකිස්තාන 19 පහල පිළට එරෙහිව විශිෂ්ට ඉනිමක්.

ශ්‍රී ලංකා වයස 19 පහළ කණ්ඩායම හා සංචාරක පාකිස්තානු වයස 19 පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (04දා) ආරම්භ වූ පළමු තුන්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 07ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය.

නායකත්ව ඉනිමක් ක්‍රීඩාකරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටින චරිත් අසලංක ලකුණු 184ක් රැස්කරගෙන සිටියි. කෙසේ නමුත් ඔහුට අමතරව වෙනත් කිසිඳු පිතිකරුවෙකුට අර්ධ ශතකයකින් හෝ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට නොහැකි විය.

index