FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් එරට ජනතාවට උපදේශයක්

(ෆාස්ට් නිව්ස් |  බ්‍රිතාන්‍යය) –  බ්‍රිතාන්‍යයේ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 3605 දක්වා ඉහළ ගොස් ඇත.

එම සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ද අභිබවා ඇති අතර , එරටින් කොරෝනා ආසාදිතයන් 38,168ක් ද වාර්තා වෙයි.

මේ අතර, කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළේ මෙම සති අන්තයේ ද නිවෙස්වලට වී සිටින ලෙස බ්‍රිතාන්‍ය වැසියන්ට උපදේශයක් ලබාදෙන අතර, එය ඉල්ලීමක් නොවන බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.