FAST NEWS

24×7 Around the Globe

මිය ගිය අය වෙනුවෙන් චීනය විනාඩි 3 ක් නිහඞ වෙයි

(ෆාස්ට් නිව්ස් | චීනය) – කොවිඩ් -19 වෛරසයෙන් මියගිය 3300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත්කර තිබේ. 

ඒ අනුව චීන වැසියන් අද පෙරවරුවේ රට පුරා විනාඩි තුනක නිශ්ශබ්දතාවක් රැකීමට කටයුතු කළේය.

පසුගිය වසරේ අගභාගයේදී චීනයේ වූහාන් නුවරින් කොරෝනා වසංගතය ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත විය.

මේ වන විට එය මිලියනයකට අධික පිරිසකට ආසාදනය වී තිබෙන අතර පුද්ගලයන් 60,000 කට ආසන්න පිරිසක් නව කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ.