FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව පසු කරමින් ප්‍රංශයෙන් වැඩිම කොරෝනා මරණ

(ෆාස්ට් නිව්ස් | ප්‍රංශය ) – ඊයේ(03) දිනයේ කොරෝනා මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වුයේ ප්‍රංශයෙනි.

එම ගණන 1355 කි.

ඊයේ ඇමරිකාවේ නව රෝගීන් 29874ක් වාර්තා වූයේ නව මරණ 968ක්ද සමගිනි.

ස්පාඤ්ඤයෙන් මරණ 961ක්, ඉතාලියෙන් මරණ 760ක්, බි‍්‍රතාන්‍යයෙන් මරණ 559ක්ද වාර්තා වූ බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මරණ සංඛ්‍යාව මේ වන විට 53,000 ඉක්මවා තිබේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.