බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සේවකයින්  36000ක් එළියට

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සේවකයින් 36000ක් එළියට

(ෆාස්ට් නිව්ස් |බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සේවකයන් 36,000කගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සූදානම් වේ.

විදෙස් වාර්තා පවසන්නේ ලොව පුරා කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ වෘත්තිය සමිති සහ බලධාරීන් මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටියි.

දෙපාර්ශවය අතර එකගතාවකට පැමිණිය හොත් ගුවන් සමාගමේ සියයට 80 කගේ රැකියා තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව වාර්තාවේ.