මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමින් මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ගමන් ගත් අධිවේගී යාත්‍රාව පිපිරී යැමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීහු කණ්‌ඩායමක් සහ රජයේ රස පරීක්‍ෂකවරයා ඊයේ (01 වැනිදා) අලුයම මාලදිවයින බලා පිටත්ව ගියහ.
මෙම පිපිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු සඳහා සහාය වන ලෙස මාලදිවයින් රජය කළ ඉල්ලීමකට අනුව මෙම නිලධාරීන් කණ්‌ඩායම එහි පිටත්ව ගොස් තිබේ.
මාලදිවයින් ජනාධිපති ගමන්ගත් බෝට්‌ටුව පිපිරී යැම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් මාලදිවයින් පොලිසිය මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම පරීක්‍ෂණය සඳහා විශේෂඥයන්ගේ සහාය තමන්ට ලබාදෙන ලෙස මාලදිවයින් රජය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පොලිස්‌පතිවරයාට මේ පිළිබඳව දැනුම්දී ඇත.
පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්‌ඩායම ඊයේ අලුයම ගුවන් මගින් මාලදිවයින් බලා පිටත්ව ගියහ.
මෙම විශේෂඥ පරීක්‍ෂණ කණ්‌ඩායමට පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ විශේෂඥයකු වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. සමරනායක, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක දිනේෂ් සිල්වා, පොලිස් සොකෝ අංශයේ පොලිස් පරීක්‍ෂක එස්. කාරියවසම් යන මහත්වරු සහ රජයේ රස පරික්‍ෂකවරයා එක්‌ව සිටිති.
මක්‌කම හඡ්ජි වන්දනාවේ ගොස් සිය රට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ගුවන් තොටුපළේ සිට අධිවේගී යාත්‍රාවකින් මාලේ අගනුවරට එමින් සිටියදී මෙම අනතුරට ලක්‌විය.
මෙම පිපිරීමෙන් ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් සිදුවූයේ නැතත් ජනාධිපති බිරිඳ ඊබ්‍රාහිම් මහත්මියත් ආරක්‍ෂක නිලධාරියකු සහ තවත් නිලධාරියකුත් තුවාල ලැබූ අතර ඔවුහු මාලදිවයින් ඉන්දිරා ගාන්ධි රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මෙම පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ද එසේත් නැත්නම් කාර්මික දොෂයක් නිසා සිදු වූවක්‌ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.