FAST NEWS

24×7 Around the Globe

පුංචි ඡන්දය කොට්‌ඨාස ක්‍රමයට පමණයි- ඇමැති නිමල්

පළාත් පාලන මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය කුමන මතයක සිටියද එය පැවැත්විය යුත්තේ කොට්‌ඨාස ක්‍රමයට පමණක්‌ බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එම මැතිවරණය කොට්‌ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කර ගෙන ඇති බවත් හෙතෙම සිහිපත් කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් යම් යම් මැසිවිලි නඟන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.