FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය තුළ දිනක් ඇතුළත වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරයි

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍ය) –  ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් එක්සත් රාජධානිය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව 563 ක් ලෙසට වාර්තා කර ඇත. 

ගෙවීගිය පැය 24 ක කාලය තුළ මහා බ්‍රිතාන්‍යයෙන් මෙම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පැවසීය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුවට අනුව අද පස්වරු 5.00 වනවිට පුද්ගලයින් 2,352ක්  කොවිඩ් – 19 ආසාදනය වීමෙන් එරට තුළ ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම , ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 4,324 ක් වාර්තා වී තිබේ.