FAST NEWS

24×7 Around the Globe

ඊයේ වැඩිම මරණ ස්පාඤ්ඤයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 821ක් වාර්තාවී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ  ස්පාඤ්ඤයෙනි.

අද වන විට එරට මරණ 6,803 වාර්තාවී තිබේ.

බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 19,500 ඉක්මවන අතර ඒ අතරින් 1228 දෙනෙක් මියගොස් තිබේ.

ජර්මනියද වෛරසයේ බලපෑමට වැඩියෙන්ම නතුවූ රටවල් අතරට එක්ව සිටියි.

ජර්මනියෙන් ආසාදිතයන් 60,000 කට වැඩි පිරිසක් වාර්තාවී ඇත.

චීනයෙන් ඊයේ දිනයේදී හමුවූ ආසාදිතයන් 31දෙනා අතරින් 30ක්ම විදේශයන්හි සිට පැමිණි අයයි.

ගෙවුණු පැය 24 තුලදී අලුතින් මරණ 4ක් වාර්තාවී තිබූ අතර ඒ සියල්ල වාර්තා වුණේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.

නව කොරෝනා වෛරසයෙන් ඉන්දියාවෙන් මරණ 27 ක් වාර්තා විය.එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යා 1000 ඉක්මවා තිබේ.