FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ රග්බි පුහුණුකාරීත්වයට ශ්‍රී ලාංකාවේ නතාෂා.

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රග්බි පුහුණුකාරීත්වයට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නතාෂා පෙරේරා පත්කළ බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි. මීට පෙර ඇය සදර්න් කැලිෆෝනියා ග්‍රිෆින් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයේ කටයුතු කළාය.

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක වන නතාෂා, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යාවක මෙන්ම, ඇය එම විශ්වවිද්‍යාලීය රග්බි කණ්ඩායම වසර 10ක් පමණ නියෝජනය කර ඇති අතර, එහි වසර තුනක් කණ්ඩායමේ නායකත්වයේද කටයුතු කර ඇත. විශ්වවිද්‍යාල කණ්ඩායමට අමතරව දකුණු කැලිෆෝනියා කාන්තා කණ්ඩායමටද ඇය වසර 06 ක පමණ කාලයක් ක්‍රීඩාකර ඇති අතර, වසර 04 ක සිට වයස 10, 12 හා 19 පහළ වයස් කාණ්ඩයන්හි පුහුණුකාරිනියක ලෙස කටයුතු කර ඇත.

වසර 15 ක පමණ කාලයක සිට රග්බි ක්‍රීඩාව හා සම්බන්ධ වී සිටින නතාෂා, ඇමරිකාවේ වැඩිම කාලයක් රග්බි ක්‍රීඩා කළ ක්‍රීඩිකාව ලෙසින්ද සම්මානයට පාත්‍ර වී තිබේ.