FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන අකුරටම පිලිපැද්ද පියෙක්ගේ සංවේදී කතාව [PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන මගහරින ජනතාව අතරේ එය අකුරට පිලිපදින අයත් නැතුවාම නොවේ.

නිරෝධායන ක්‍රියාවලියට උපරිම සහය දැක්වූ පියෙකුට තම දියණියගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට පවා නොලැබුණු සංවේදී පුවතක් වර්තා වුණි.

අසනීපව සිට ජීවිතයෙන් සමුගත් ඔහුගේ ආදරණීය දියණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නිවස වෙත යාමට නොහැකිව මෙම පුද්ගලයා අවසන් මොහොතේ සුසාන භූමිය වෙත පැමිණ අවසන් ගමන් යන තම දියණියගේ මුහුණ බලා ගෙන තිබේ.

නිවසේ මෘත ශරීරය තිබෙන අවස්ථාවේ නිවසට නොගොස් තමන්ගෙන් කොරෝනා වෛරසය අනෙක් මිනිසුන්ට පැමිණීමට ඉඩ ඇති නිසා නිරෝධායනය වෙමින් සිටි ඔහු මුළු මහත් රටටම ආදර්ශයක් ලබා දුන් බව සෞඛ්‍ය බලධාරින් පවසයි.