(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකාව මේ වනවිට මුහුණදී ඇති දරුණු තත්ත්වය පිළිබඳව වීඩියෝවක් නිකුත් කර තිබේ.
ඒ නිව්යෝර්ක් නුවර එල්ම්හර්ස්ට් රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය කොලින් ස්මිත් නම් වෛද්‍යවරිය විසිනි.
ඇය එම වීඩියෝවෙන් පෙන්වන්නේ එම කාමරය තුළ සිටින සියලු දෙනාම කොරෝනා වෛරස ආසාදිතයින් බවයි.
අද වන විට ඇමෙරිකාවේ තත්ත්වය ඉතා භයානක බවත් ඔවුන් විසින් මෘතදේහ ගබඩා කිරීමට විශාල අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත් බවත් පවසයි.
“ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සියලුම නායකයින්, නිලධාරීන්, සෞඛ්‍ය හා රෝහල් ප්‍රධානීන් කියන්නේ හැමදේම හොඳින් සිදුවෙනවා කියලා.
නමුත් අපේ පැත්තෙන් හොඳ නැහැ. මගේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නැහැ. මේ අමෙරිකාව ලෝකයේ දියුණු රටක්” .
නමුත් අද වන විට සාමාන්‍ය දිනයකදී හදිසි අංශයට පැමිණෙන සංඛ්‍යාව 400ට වඩා වැඩි වී ඇති බවත් ඇය පවසයි.
එම වීඩියෝව පහතින්.
මේ අතර, අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලය සිදුකරනු ලැබු දත්ත විශ්ලේෂණයක් මඟින්, වෛරසය වසංගතයෙන් එක්සත් ජනපදයේ පුද්ගලයන් 81,000 කට වැඩි පිරිසක් ඉදිරි මාස හතර තුළ මිය යා හැකි බවට ආන්දෝලනාත්මක අනාවරණයක්ද සිදුකර තිබේ.









