FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිත බවට සැක පුගලයෙකු හෝමාගම රෝහලේ රඳවා සිටියදී පැන යාමේ පුවතක් වාර්තා විය.

ඊයේ දිනයේ මෙම රෝගීයා පැන ගොස් ඇති අතර පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක‍්‍රියාත්මක වී ඔහු නැවතත් අල්ලා ගෙන තිබේ.

නැවත හෝමාගම රෝහලටම ගෙනවිත් ඇති අතර පසුව ඔහු රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පානදුර රෝහලට මාරු කර යවා ඇත.