FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් වලින් අලුත්ම අලුත් වැඩක්..

අන්තර්ජාලයේ ඇති නොයෙකුත් සමාජ ‍ජාල වෙබ් අඩවී අතරින් ඉතාම ජනප්‍රියම වෙබ් අඩවියක් වන ෆේස්බුක් සිය රසිකයින් සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දීලා. ඒ තමයි ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කරන ගිණුම් හිටියන්ට ප්‍රථම වර තම (Profile Photo) එක වෙනුවට කෙටි වීඩියෝවක් (Profile Video) යොදාගැනීමට අවස්ථාව ලබාදීමයි.

මේ අනූව Gif Format එක යටතේ සැකසූ තත්පර 7ක පමණ කෙටි වීඩියෝවක් Profile Video ලෙස යොදාගැනීමට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ෆේස්බුක් ගැන අද කාලයේ නොදන්නා කෙනෙක් නැති නිසා 2004 වසරේදී ආරම්භ කළ මෙම සමාජ වෙබ් අඩවිය අද වන විට විශේෂයෙන් තරුණ තරුණියන්ට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා අවසානයි.

facebook-video-profile-gif