FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංගප්පූරුවේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය අද (21) වාර්තා විය. 

75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම 64 හැවිරිදි ඉන්දුනිීසියානුවෙකුද සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉන්දුනීසියානු ජාතිකයා පසුගිය 13 වනදා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ එහි ප්‍රසිද්ධ රෝහලක ප්‍රතිකාර ලැබීමටයි.

මේ වනවිට සිංගප්පූරු ජාතිකයන් 385 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.