FAST NEWS

24×7 Around the Globe

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක බදු වලින් නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු ඉවත් කර තිබේ.

අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරනය ගෙන තිබේ.

දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර තිබේ.